ලෝකෙම බයෙන් ඉන්න එල්නිනෝ ලබන මාසයේ ඉඳන් ලංකාවටත් - වෙන්න යන විනාසෙට මුහුණ දෙන විදිහ ගැන දැනුවත් කිරීම අද
එළඹෙන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සංසිද්ධිය නිරිතදිග මෝසම් කාලගුණය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබෙන බවයි.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පැසිෆික් සාගරය ආශ්‍රිතව මේ වන විටත් එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වී තිබෙන අතර, එහි බලපෑම විවිධ මට්ටම්වලින් මාස 11 ක පමණ කාලයක් පවතිනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් මෙරට කාලගුණික තත්ත්වයට එල් නිනෝ බලපෑමෙන් සිදුවිය හැකි බලපෑම්වලට මුහුණ දීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (10) දින පැවැත්වීමට නියමිතව ඇත.
එම සාකච්ඡාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන අතර වාරිමාර්ග, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ, කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන සහ ජල සම්පාදන ඇතුළු ප්රමුඛ පෙළේ ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතව ඇති බව සඳහන්.