පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩම් ආරවුලක් මත හටගත් මෙම ගැටුමේදී, මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සමඟ ඇති වූ වාදයකින් පසු ඔහු සිය පිස්තෝලය පෙන්වා තර්ජනය කර ඇති බව වාර්තා වේ.

ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකට ලක්වේ

ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකට ලක්වේ

මෙම ඉඩම සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින පසුබිමක මන්ත්‍රීවරයා මෙලෙස හැසිරී ඇති අතර, සිද්ධියට අදාළ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් විය.

මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක් - සැකකරු අත්අඩංගුවට

මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක් - සැකකරු අත්අඩංගුවට