ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි රියඅනතුරකට ලක්වේ
ජනප්‍රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි ඊයේ (26) දින මුහුණ දුන් හදිසි රිය අනතුරක් හේතුවෙන් ඇය මේ දිනවල සහභාගී වීමට නියමිතව තිබූ ප්‍රසංග රැසකට සහභාගී වීමට නොහැකි බව නිල වශයෙන් දැනුම් දී තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, මෙම අනතුර නිසා ඇති වූ තුවාල හා වෛද්‍ය උපදෙස් මත තාවකාලිකව කලා කටයුතුවලින් බැහැරව විවේක ගැනීමට සිදුව ඇති බවයි.
තමන් වෙනුවෙන් බලාපොරොත්තු තබා සිටි සංවිධායක මණ්ඩලයට සහ රසික ජනතාවට සිදු වූ අපහසුතාව පිළිබඳව ඇය සිය කණගාටුව පළ කර ඇති අතර, සුවය ලැබූ සැණින් නැවත වේදිකාවට පැමිණෙන බව ද සඳහන් කර ඇත.