"පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා.. පැය 24 පුරාම ඇරලා තියන්න" - අර්චුනා
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාඅද (25) දින පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් ඉල්ලා සිටියේ, පාර්ලිමේන්තු පරිශ්‍රයේ පොදු වැසිකිළිය සවස 4:00ට වසා නොදමා, රාත්‍රී කාලයේදීත් විවෘතව තබන ලෙසයි.
උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු කටයුතුවලදී, ස්ථාවර නියෝගයන්ට අනුව, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කළමනාකරණය සඳහා වගකිව යුතු කථානායකවරයා වෙත මෙම ප්‍රශ්නය යොමු කළ බව ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, පොදු වැසිකිළියේ උපකරණ කඩා සොරකම් කිරීම හේතුවෙන් සවස 4:00ට එය වසා දමන බවත්, මෙය ආරක්ෂක මෙහෙයුම්වල නියැළි පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ස්වාභාවික අවශ්‍යතා සපුරාලීමට බාධාවක් වන බවත්ය.
මෙම තත්ත්වය නිසා පොලිස් නිලධාරීන්ට විශාල අපහසුතාවයකට මුහුණ දීමට සිදුවන බවත්, එබැවින් පොදු වැසිකිළිය රාත්‍රී කාලයේදී විවෘතව තබා ගැනීම අත්‍යවශ්‍ය බවත් අර්චුනා මන්ත්‍රීවරයා අවධාරණය කළා. ඔහුගේ මෙම ප්‍රකාශය ගැන කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සිනාසුන ද, පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලුව බරපතල ලෙස සලකා බැලිය යුතු බව ඔහු පෙන්වා දුන්නා.