ජනතාවට තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය ශ්‍රී ලංකාව පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි.

දින කිහිපයක් තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිමින්, වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ෂාවක් ඇතිවිය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..

දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..

තවද, මෙම ප්‍රදේශවල සමහර ස්ථානවල මි.මී. 100 කට වැඩි තද වැසි වර්ෂාවක් ඇති විය හැකි බවද දැනුම් දී ඇත. උතුරු-මැද පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, දිවයිනේ අනෙක් ප්‍රදේශවල සෙරන් සෙරන්ව හෝ රාත්‍රී කාලයේ වැසි වර්ෂාවක් පවතිනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම, වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30-40 ක් වන තරමක තද සුළං ඇද හැලෙන බවත්, ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවද ජනතාවට දැනුම් දී ඇත.

2025 ජුනි මාසේ විදුලි ඒකකවල නව මිල ගණන් මෙන්න!

2025 ජුනි මාසේ විදුලි ඒකකවල නව මිල ගණන් මෙන්න!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අකුණු සහ තද සුළං මගින් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට ජනතාව අවධානයෙන් සිටීමට කාරුණිකව ඉල්ලා සිටිනවා.