සැමියා මිය ගිය කාන්තාවකට ලිංගික දර්ශන යැවූ හිමිනම අත්අඩංගුවට

Report

ස්මාර්ට් ජංගම දුරකථනයක් හරහා විවාහක කාන්තාවකට අසභ්‍ය දර්ශන යවමින් ලිංගික බලපෑම් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමිනමක රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කර ඇත.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් මෙම හිමිනමට යළි එළැඹෙන සැප්තැම්බර් මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණි.

සාමය විනාසයි? ලෝකෙම හිරිවට්ටමින් මිනිත්තු 10ට ලෙබනනයේ ඉලක්ක 100කට දරුණු ප්‍රහාර - ඉරානයෙන් රතු එළි

සාමය විනාසයි? ලෝකෙම හිරිවට්ටමින් මිනිත්තු 10ට ලෙබනනයේ ඉලක්ක 100කට දරුණු ප්‍රහාර - ඉරානයෙන් රතු එළි

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ 30 හැවිරිදි, සැමියා මියගිය විවාහක කාන්තාවකි.

සැකකාර හිමිනම සිය ජංගම දුරකථනයෙන් අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ව අනිසි ක්‍රියාවන් සඳහා පොලඹවා ගැනීමට උත්සාහ කරන බව ඇය සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබේ.

දෙපාර්ශවයේම දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් සැකකරු මෙම වරද සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඉරානයෙන් ලෝකෙටම නිවේදනයක් - හදිසියෙම හෝමුස් සමුද්‍ර සන්ධියේ මේ ගමන් මාර්ග වෙනස් වෙයි

ඉරානයෙන් ලෝකෙටම නිවේදනයක් - හදිසියෙම හෝමුස් සමුද්‍ර සන්ධියේ මේ ගමන් මාර්ග වෙනස් වෙයි

විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බැවින් සැකකාර හිමිනම රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිය ද, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය රත්නායක මහතා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරමින් සැකකරු ඇප මත මුදා හැරීමට පියවර ගත්තේය.