ඉරානයෙන් ලෝකෙටම නිවේදනයක් - හදිසියෙම හෝමුස් සමුද්‍ර සන්ධියේ මේ ගමන් මාර්ග වෙනස් වෙයි
By Kaushi
සටන් විරාමයේ කොටසක් වශයෙන් හෝමූස් සමූද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට එකඟ වීමෙන් පසුව මුහුදු බෝම්බ මඟහරවා ගනිමින් නෞකාවලට ගමන් කළ හැකි ආරක්ෂිත මාර්ගයක් ඉරාන විප්ලවීය බලකායේ නාවික හමුදාව නිවේදනය කර ඇත.
ඒ අනුව අල්ජසීරා පුවත් සේවයට අනුව, ISNA පුවත් සේවය මඟින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ, මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අපේක්ෂා කරන සියලුම නෞකා IRGC නාවික හමුදාවේ සම්බන්ධීකරණය ඇතිව පහත සඳහන් මාර්ග භාවිත කළ යුතු බවටයි.
එසේම ඒ අනුව, ඇතුළු වීමට ඕමාන් බොක්කේ සිට ලාරක් (Larak) දූපතට උතුරින් ගමන් කර පර්සියානු බොක්ක දෙසට ගමන් කිරීම සහ පිටවීම සඳහා පර්සියානු බොක්කේ සිට ලාරක් දූපතට දකුණින් ගමන් කර ඕමාන් බොක්ක දෙසට ගමන් කරයි.