සාමය විනාසයි? ලෝකෙම හිරිවට්ටමින් මිනිත්තු 10ට ලෙබනනයේ ඉලක්ක 100කට දරුණු ප්‍රහාර - ඉරානයෙන් රතු එළි

Report

ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති බව සඳහන්.

ඒ අනුව ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම නිසා අමෙරිකා - ඉරාන සාම ගිවිසුමක් ඇති කරගැනීමේ සාකච්ඡාද අවධානමකට ලක්වී ඇති බවට ඉරානය අනතුරු අඟවා ඇත.

එසේම ඊශ්‍රායලය විසින් ඊයේ (08) මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 250ක පමණ පිරිසක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ලෙබනන‍ය සොහොන් පිටියක් වෙයි - 254ක් මරුට

සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ලෙබනන‍ය සොහොන් පිටියක් වෙයි - 254ක් මරුට

ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කළේ ඉන් පුද්ගලයින් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එසේම ඊයේ (08) දින එල්ල කළ මෙම ප්‍රහාරය ඊශ්‍රායලය ලෙබනනයට එරෙහි ‍මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව සිදුකළ දැවැන්තම ප්‍රහාරයක් බවටද වාර්තා විය. කෙසේ වෙතත් එම ප්‍රහාරයත් සමඟ මෙසේ කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුවී ඇත.

ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්‍රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්‍රකාශ කරයි

ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්‍රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්‍රකාශ කරයි

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

ගෑස් හිඟය දරුණු වෙයි - මිනිස්සු ගෙවල් දොරවල් අත්හැර ගම්බිම් බලා ගිහින්

ගෑස් හිඟය දරුණු වෙයි - මිනිස්සු ගෙවල් දොරවල් අත්හැර ගම්බිම් බලා ගිහින්