කැලේ ගිහින් කසිප්පු පෙරාපු අම්මයි දුවයි මාට්ටු...

Report

පේරාදෙණිය බෝවල ප්‍රදේශයේ ඝන කැලෑවක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ ස්ථානයක් වැටලීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

එහි දී, කසිප්පු ස්ප්‍රීතු බෝතල් 200 ක් සහ ගෝඩා ලීටර් 1250 ක් සමග මවක් සහ දියණියක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත් ව ඇත.

ගංජා ළඟ තබා ගෙන සිටි ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට...

ගංජා ළඟ තබා ගෙන සිටි ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට...

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 48 ක මවක් සහ 26 හැවිරිදි ඇගේ දියණියයි. මොවුන් දෙදෙනා මීට පෙර ද අවස්ථා කිහිපකයකදී ම කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබෙන බව පොලිසිය පවසා සිටියා.

පොලිසිය නිතර වැටලීම් සිදුකරන බැවින් මොවුන් පේරාදෙණිය බෝවල බස් ධාවනය කරන මාර්ගයේ සිට කිලෝ මීටර් 1 1/2 ක පමණ දුරක් කැලෑබද ප්‍රදේශයට වන්නට කසිප්පු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත් පයිනස් ගස්වලින් පිරිණු එම ප්‍රදේශය වෙත ළඟාවීම අතිශයින් දුෂ්කර නිසා මොවුන් කාලයක් තිස්සේ නිදහසේ ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙන බවත් පොලිසිය පවසනවා.

පොසොන් උත්සව සමයේ ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව...

පොසොන් උත්සව සමයේ ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව...

කෙසේ වෙතත්, යුක්තියේ මෙහෙයුම යටතේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ අධීක්ෂණය යටතේ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.