ගංජා ළඟ තබා ගෙන සිටි ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට...
Gampaha
Sri Lanka
Railways
Buddhism
Drugs
By Parami Dissanayake
ගංජා සන්තකයේ තබාගත් පිටිපන පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය චීවරධාරීන් දෙදෙනෙකු ගම්පහ දුම්රිය ස්ථානයේ පොදු වැසිකිළිය අසල දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැකකරුවන් අවුරුදු 20-25ත් අතර වයස්වල පසුවන තරුණ හිමිවරුන් ය.
එමෙන් ම,මෙම දෙදෙනාම ගණේමුල්ල ගලහිටියාව සිරි මහින්දාරාමයේ වැඩ වාසය කරන බවත් අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන්ගෙන් එක් චිවරධාරියකු ළඟ ගංජා මිලිග්‍රෑම් 120ක්ද අනෙක් චීවරධාරීන් ළඟ ගංජා මිලිග්‍රෑම් 100ක්ද ගමන් මලුවල තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මොවුන් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගම්පහ පොලිසියට භාර දී ඇත.
