ඉරානයේ මීළඟ නායකයා කමේනිගේ පුතා? ව්‍යවස්ථා සියල්ල උඩු යටිකුරු කරමින් ගත් තීරණය ගැන ලෝකෙම අවධානය
අයතුල්ලා අලි කමේනි ඉකුත් සෙනසුරාදා උදෑසන එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූයේ මැද පෙරදිග යුධමය තත්ත්වයේ උණුසුම වැඩි කරමින්.
එවැනි පසුබිමක ඉරාන ජාත්‍යන්තරයෙන් වාර්තා වූ සුවිශේෂී තොරතුරුවලට අනුව, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) පීඩනය යටතේ ඉරානයේ විශේෂඥ සභාව මඟින් ඔහුගේ පුත් මොජ්තාබා කමේනි මීළඟ උත්තරීතර නායකයා වශයෙන් තෝරා ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම මෙම තීරණය ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර අලි කමේනි භූමදානය කිරීමෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.
කෙසේ වෙතත් මෙය සාමාන්‍ය අනුප්‍රාප්තියක් නොවේ.
එය ආරක්ෂක රාජ්‍ය විසින් හැඩගස්වා ගත් යුධ සමයේ තීරණයක් වන අතර එය ව්‍යවස්ථාමය ක්‍රියා පටිපාටිය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරන්නක් වේ.