ඉරානෙට ගහන්න කඳවුරු දුන් නැති නිසා ට්‍රම්ප්ගෙන් තර්ජනයක් - ස්පාඤ්ඤය එක්කත් සතුරු වෙයි
ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට අදාළ මෙහෙයුම් වෙනුවෙන් අමෙරිකානු හමුදාවට එරට කඳවුරු භාවිත කිරීමට ඉඩ දීම ස්පාඤ්ඤය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව එරටට එරෙහිව පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත.
ඒ අනුව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සමග පැවැති හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් කියා සිටියේ, "ස්පාඤ්ඤය ඉතාමත් නරක ලෙස කටයුතු කර ඇති" බවයි.
එසේම ස්පාඤ්ඤය සමඟ පවතින "සියලුම ගණුදෙනු නතර කරන ලෙස" තමා මහා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට්ට (Scott Bessent) දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කළේ දකුණු ස්පාඤ්ඤයේ රොටා (Rota) සහ මොරොන් (Moron) හමුදා කඳවුරු ඉරානයට පහර දීම සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බව එරට සමාජවාදී නායකත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අමෙරිකාව විසින් ඉන්ධන පිරවුම් ටැංකි ඇතුළු ගුවන් යානා 15ක් එම කඳවුරුවලින් ඉවත් කර ගෙන ඇති බවයි.
එමෙන්ම සියලුම නේටෝ සාමාජිකයින් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් ආරක්ෂක වියදම් වෙනුවෙන් වෙන් කළ යුතු බවට අමෙරිකාව කළ ඉල්ලීම ස්පාඤ්ඤය නොසලකා හැරීම සම්බන්ධයෙන්ද ට්‍රම්ප් මෙහිදී පවසා ඇත.
ඒ, "ස්පාඤ්ඤයට අදාළ සියලුම ව්‍යාපාර නතර කිරීමට මට අයිතියක් තිබෙනවා.සම්බාධක පැනවීම හෝ මට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට පුළුවන්. අපි ස්පාඤ්ඤය සම්බන්ධයෙන් එය සිදු කිරීමට ඉඩ තිබෙනවා,"