කන්න බොන්න නැතුව බැට්රි වතුර පවා බිව්වා - රටම හොයද්දි දින 10ක් මුහුදේ අතරමංව සිටි 'මිනු බබා -1'ගොඩබිමට එයි

Report

බේරුවල ධීවර වරායෙන් මුහුදුගොස් අතුරුදන්ව තිබූ 'මිනු බබා-1' නම් බහුදින ධීවර යාත්‍රාව දින 10කට පසුව අද (29) දින හික්කඩුව ධීවර වරාය වෙත පැමිණ ඇත.

ඒ අනුව මෙම ධීවර යාත්‍රාව ධීවරයන් 6දෙනෙකු සමඟ ඉකුත් අප්‍රේල් 26වැනිදා මුහුදුගොස් තිබූ අතරවාරයේ කාර්මික දෝෂයට ලක්ව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් කිලෝමීටර් 300ක් පමණ ඈතට ගොස් තිබුණා.

එසේම ආහාර හිඟව තිබී ඇති අඳාළ යාත්‍රාවේ ඉන්ධනද අවසන් වී ඇති බව සඳහන්. අනතුරුව වෙනත් ධීවර යාත්‍රාවකින් ඔවුන්ට ඉන්ධන හා ආහාර ලබාදී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන්ට හික්කඩුව ධීවර වරායට නැවත පැමිණීමට හැකියාව ලැබී ඇති බව පවසයි.

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

එසේම ඔවුන් පවසන්නේ තමන්ට ආහාර සහ ජලය හිඟවීමෙන් මහත් අපහසුතාවයට පත් වූ බවත්, ජලය නොමැතිව බැට්රි වතුර පවා බීමට සිදුවූ බවත් ය.

එමෙන්ම එන්ජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ගොඩබිම හා සම්බන්ධ පණිවුඩ යන්ත්‍රයේ සම්බන්ධතාව ද බිඳවැටී තිබූ බව වාර්තා වේ. 

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා - රටේ ඉන්ධන මිල වැඩිවීමක්ද? - ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි

ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා - රටේ ඉන්ධන මිල වැඩිවීමක්ද? - ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි