අඩු පීඩන තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි - ඉදිරි දින කිහිපයෙත් වැසි

Report

දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළත් තද වැසි සහ සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (15) රාත්‍රියේ ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර, පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස කුලියාපිටිය ප්‍රදේශයෙන් මිලිමීටර 193ක වැස්සක් වාර්තා වී තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වැඩ වරදී? අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වැඩ වරදී? අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

මේ අතර, වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය, කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කළු ගඟේ මිල්ලකන්ද ජල මාපාංකය පස්වරු 3 වනවිට මීටර 7ක් ලෙස සටහන්වී ඇති අතර, එය සුළු ගංවතුර මට්ටමකි.

පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 13ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති අතර, මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට විමසිලිමත් වන ලෙස දැනුම් දී ඇත.

ඉදිරියට විදුලි බිලේ අඩු වැඩි වීම ගැන රජයෙන් ඉඟියක්

ඉදිරියට විදුලි බිලේ අඩු වැඩි වීම ගැන රජයෙන් ඉඟියක්