ඉදිරියට විදුලි බිලේ අඩු වැඩි වීම ගැන රජයෙන් ඉඟියක්
පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම සහ ජල විදුලි නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම හරහා ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමේ නිශ්චිත සැලැස්මක් පවතින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වූ සේවකයන් සඳහා මූල්‍ය වන්දි ලබාදීම වෙනුවෙන් දෙහිවලදී අද (15) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලංවිම සේවකයන් 1,898 දෙනෙකු සඳහා මෙහිදී වන්දි ප්‍රදානය කෙරුණු අතර, ආයතනයේ කාර්යක්ෂමතාව වැඩිකර පාරිභෝගිකයාට උසස් සේවාවක් සැපයීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සහ අමාත්‍යාංශ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.