වත්කම් දෝෂ මකන්න ඇමතිවරු රොත්තක් අල්ලස් කොමිසමට ලියුම් යවයි
මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කර ඇති බව වාර්තා වේ.
ඔවුන් මෙම නිවැරදි කිරීම් කොමිෂන් සභාවට ලිපි සහ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී සිදු කර ඇත. මෙම සම්බන්ධයෙන්, අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තම අතින් වැරැද්දක් සිදු වූ බව පිළිගත් බව ප්‍රකාශ කළේය.
එය වංචාවක් නොව, අතපසුවීමක් බවත් ඔහු පැහැදිලි කළේය. අමාත්‍යවරයා, තමා ඒ අඩුපාඩුව නිවැරදි කර ඇති බව සහ තමා අධිකරණ ඇමැති වුවත් මනුස්සයෙකි යැයිද ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ, වත්කම් බැරකම් පුරවන ලේඛනය සංකීර්ණ එකක් වන අතර, තොරතුරු පිරවීමේදී ඕනෑම කෙනෙකුට වරද සිදු විය හැකි බවයි.
එමෙන්ම, තවත් මැති ඇමතිවරුන් පිරිසක්ද වත්කම් බැරකම් ප්‍රකාශවල ඇති වැරදි නිවැරදි කිරීමට සූදානම් වෙමින් සිටින බව කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙම වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි සම්බන්ධයෙන් සමාජයේ පසුගිය දිනවල දැඩි කතාබහක් මතු වී තිබේ.