සියලුම වාහන හිමියන්ට රියදුරු බලපත්‍ර ගාස්තු ගැන විශේෂ දැනුම් දීමක් - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

Report

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මෙම වසරට ගාස්තු වැඩි කිරීමේ උපරිම සීමාව 15%ක් වන නමුත්, එය තීන්දු කළ අගයක් නොව සංශෝධනය සඳහා නියමිත උපරිම සීමාවක් පමණක් වන බව වේ.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසූයේ, සාමාන්‍යයෙන් සෑම අවුරුදු තුනකට වරක්ම රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනයක් සිදුවන බවත්, එ අනුව අවධානය මේ වන විට එම සංශෝධනයට යොමු වී ඇති බවත් ය.

ඩියුටි කරද්දි අඩිය ගහපු යාල්දේවී දුම්රිය නියාමක අත්අඩංගුවට

ඩියුටි කරද්දි අඩිය ගහපු යාල්දේවී දුම්රිය නියාමක අත්අඩංගුවට

අවසන් වරට ගාස්තු සංශෝධනය සිදුකර ඇත්තේ 2022 වසරේදී බව ද එතුමා සදහන් කරන ලදි.

ඒ අනුව, වසර තුනකට වරක් ගාස්තු 15%ක් පමණින් සංශෝධනය කිරීමට හැකිව තිබුණද, මේ වසරේ ගාස්තු සංශෝධනයක් පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා තවදුරටත් සදහන් කළේය. 

බද්දේගම උපසභාපතිට මැර ප්‍රහාරයක්

බද්දේගම උපසභාපතිට මැර ප්‍රහාරයක්