පාසල් සිසුන්ට දින 4ක විශේෂ වැඩසටහනක්
අද(25) දින පාසල් දූ දරුවන්ගේ පෞර්ෂ්‍යත්ව සංවර්ධන වැඩසටහනක් මහනුවර අධ්‍යාපන කලාපයේ කලාප 05ක පාසල් නියෝජනය කරමින් ක්‍රියාත්මක වී ඇත. මේ සඳහා සිසුන් සියයකට අධික පිරිසක් සහභාගී වූ අතර ඔවුන් සඳහා මාසයක් තුළදී තෝරාගත් දින හතරක කාලයක් තුළ නායකත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.
අනාගත දරු පරපුර සාරධර්ම බවින් සම්පූර්ණ නොකළහොත් ශ්‍රී ලංකාව කෙදිනකවත් ආචාරශීලි රටක් බවට පත් නොවනු ඇති බවත් වර්තමාන වැඩිහිටි පරපුර ආචාරශීලී අයුරින් හැඩගැසීම අසීරුවුවත් අනාගත පරපුර සාරධර්ම හා ආචාරශීලි බවින් යුක්තව හැඩගැසීමට හැකියාව පවතින බවත් මෙම අවස්ථාවට එක් වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අබයකෝන් මහතා පැවසුවේය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපේක්‍ෂා කරන්නේ යහපත් ගුණගරුක හා නීත්‍යානුකූලව ජීවත් විය හැකි පුද්ගලයකු නිර්මාණය කිරීම යැයි පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා එවැනි පුද්ගලයකු බිහි කිරීම සඳහා දූ දරුවන් පුහුණු කිරීම වඩාත් පහසු බවයි ප්‍රකාශ කර සිටියේ.
නමුත් ඇතැම් පිරිස් මෙම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මගින් සිදු කරන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් යැයි විශ්වාස කළ ද සැබැවින්ම එය එසේ නොව මිනිසාගේ මනස ද සමාජයේ ජීවත්වීමට හැකි අයුරින් නිර්මාණය කිරීම සහ විනිවිදභාවයෙන් යුක්ත රටක් අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.