බද්දේගම උපසභාපතිට මැර ප්‍රහාරයක්

Report

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මහතා මැර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර ඇත. ඊයේ (24) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබේ.

ඔහු බිරිඳ සමග නිවස බලා යමින් සිටියදී බද්දේගම, ගොඩකන්ද ප්‍රදේශයේ දී මාර්ගය හරස්කර මෙම ප්‍රහාරය එල්ලකර ඇත.

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

උපසභාපතිවරයා මේ වනවිට ගාල්ල ජාතික රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටින අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් බද්දේගම පොලීසියට පැමිණිල්ලක් ද කර තිබේ.

බද්දේගම ප්‍රාදේශීය සභාවට තරගකළ අපේක්ෂකයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ලකරන්නට ඇති බවට සැක කරන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබේ.

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා