මාරක අනතුරක් තරුණයෙක්ට දිවි අහිමි වෙයි
By Kanchana
දොඩන්ගොඩ පොලිස් වසමේ මළබඩ පුහාබුගොඩ මාර්ගයේ රිය අනතුරක් සිදුව තිබේ.
එම අනතුරින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුර සිදුව තිබෙනුයේ මළබඩ හන්දිය දෙස සිට පුහාබුගොඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙනි.
අනතුරින් යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා හා පිටුපස ගමන් කළ දෙදෙනාම තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ යටදොල, නාවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
එම පුද්ගලයාගේ මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ .
මෙම අනතුර සම්බන්ධව දොඩන්ගොඩ පොලීසිය තව දුරටත් විමර්ශනයන් සිදු කරනු ලබයි.