ඩියුටි කරද්දි අඩිය ගහපු යාල්දේවී දුම්රිය නියාමක අත්අඩංගුවට

Report

යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා, රාජකාරී වේලාවේ මත්පැන් පානය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්, අද (25) පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මෙම දුම්රිය ප.ව. 2.40ට අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවිම සමඟ, ඔහු මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මාරක අනතුරක් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

මාරක අනතුරක් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

අත්අඩංගුවට ගත් නියාමකවරයා අනුරාධපුර පොලිසියට ඉදිරිපත් කර ඇති අතර, ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියාවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

පසුව යාල් දේවී දුම්රිය සඳහා වෙනත් නියාමකවරයෙකු යොදවා, අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කර ඇත.

මන්ත්‍රී ජගත්ට ආරක්ෂාව දෙන්න පොලිස්පතිගෙන් අණ

මන්ත්‍රී ජගත්ට ආරක්ෂාව දෙන්න පොලිස්පතිගෙන් අණ