දරුවෝ 14 කට ඇස් පෙනීම අහිමි වෙයි - මාරාන්තික හේතුව මෙන්න

Report

සෙල්ලම් තුවක්කු සමඟ සෙල්ලම් කළ දරුවන් 14 දෙනෙක්ට ඇස් පෙනීම අහිමි වී විශාල පිරිසකට බරපතළ තුවාල සිදුවූ බව කියන පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ දීපවාලි උත්සව සමයේ එම දරුවන්ට මෙම අනතුර සිදුවී ඇත්තේ දේශීයව නිපදවන ලද සහ සෙල්ලම් බඩු ලෙස අලෙවි කරන 'කාබයිඩ් තුවක්කුවලින්' සෙල්ලම් කිරීම හේතුවෙන්.

එරට වාර්තාවලට අනුව දින තුනක් වැනි කෙටි කාලයක් තුළ ළමුන් 122 කට වැඩි සංඛ්‍යාවක් බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම භයානක ප්‍රවණතාවය වේගවත් වීමට හේතුව සමාජ මාධ්‍ය බවයි.

රෝහලේ වැරැද්දෙන් අලුත උපන් මල් කැකුලේ අත කපයි

රෝහලේ වැරැද්දෙන් අලුත උපන් මල් කැකුලේ අත කපයි

ඒ අනුව Instagram Reels සහ YouTube Shorts හරහා "Firecracker Gun Challenge" නමින් ටැග් කළ වීඩියෝ වෛරල් වී ඇත.

එබැවින් 'ලයික්' සහ 'වීව්ස්' ලබාගැනීමේ අරමුණින් යෞවනයන් මෙම මාරාන්තික ක්‍රියාව සිදුකර ඇති බව කියයි. එසේම රජයේ තහනමක් තිබියදීත් මෙම උපකරණ විවෘතව අලෙවි වූ විදිෂා දිස්ත්‍රික්කයෙන් (Vidisha) වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන බවත් සඳහන්.

මේ අතර වෛද්‍යවරුන් මෙය සෙල්ලම් බඩුවක් ලෙස නොව, තාවකාලිකව සාදන ලද පුපුරණ ද්‍රව්‍යයක් ලෙස පෙන්වා දෙයි.

ඉන්දීය රුපියල් 150 - 200 අතර මිලකට අලෙවි වන මෙම මාරාන්තික උපකරණය, ප්ලාස්ටික් හෝ ටින් පයිප්ප යොදාගෙන නිපදවා ඇති බව වාර්තා වේ.

එහිදී ළමුන් මෙම පයිප්පවලට කැල්සියම් කාබයිඩ්, වෙඩි බෙහෙත් සහ ගිනිකූරු හිස් වැනි ද්‍රව්‍ය පුරවා ගිනි තබන බව වාර්තා වේ.

පාසල් සිසුන් 5දෙනෙක්ට මරණ දණ්ඩනය

පාසල් සිසුන් 5දෙනෙක්ට මරණ දණ්ඩනය

අඳාළ රසායනික ප්‍රතික්‍රියාවෙන් ඇතිවන දැඩි පිපිරීමෙන් ලෝහ කැබලි, පුපුරා යන සුන්බුන් සහ දැවෙන වාෂ්ප මුදා හරි‍යි.

ඉන් දරුවන්ගේ දෘෂ්ටි විතානය පිළිස්සී, කණීනිකාව පුපුරා ගොස් ස්ථිර අන්ධභාවයට පත් වී ඇති බවට හෙළිව ඇත.

මේ අතර ඉන්දීය රජය මඟින් ඔක්තෝබර් 18 වන දාට මෙම උපකරණ විකිණීම තහනම් කර තිබුණද, තහනම නොතකා මෙම තුවක්කු "මිනි කාලතුවක්කු" (mini cannons) වශයෙන් ආරක්ෂිත රෙගුලාසි ‍රහිතව ප්‍රාදේශීය පොළවල්වල සහ පදික වේදිකා අසල අඛණ්ඩව විකුණා ඇත.

එසේම මෙම භාණ්ඩ නීති විරෝධී ආකාරයට අලෙවි කළ පුද්ගලයන් හය දෙනෙකු දැනටමත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් සහ පොලීසිය දැඩිව දෙමාපියන්ට අනතුරු අඟවන්නේ මෙය සෙල්ලම් බඩුවක් නොවන නිසා තම දරුවන් මෙම මාරාන්තික උපකරණයෙන් ඈත් කර තැබීමට මැදිහත් වන ලෙසයි.

තෙල් සංස්ථාව ගැන අසුබ වාර්තාවක්

තෙල් සංස්ථාව ගැන අසුබ වාර්තාවක්