මගේ ආරක්ෂාවට මගේ කාර් එකේ කඩුවක් තියාගෙන ඉන්නවා - මන්ත්‍රී අර්චුනා

Report

ස්වාධීන පාර්ලිමේන්තු කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන අර්චුනා රාමනාදන් යනු නිරන්තරයෙන්ම පාර්ලිමේන්තුවෙත් විවිධ දේශපාලන කතිකාවන්වලදීත් කැපී පෙනෙන චරිතයකි.

ඔහු පසුගිය කාල සීමාවේදී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ඉල්ලීම් සිදුකර තිබේ. ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කරේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු තුවක්කුවක් පාවිච්චි කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයෙක් නොවන බවයි.

බදුලු - බණ්ඩාරවෙල දිනපතා සිදුවන දරුණු මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු එළියට

බදුලු - බණ්ඩාරවෙල දිනපතා සිදුවන දරුණු මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු එළියට

ඒ වගේම ආරක්ෂාවට තුවක්කුවක්වත් තමා ළඟ නොමැති කාලයේ ඔහු රැස්වීම් සඳහා සහභාගී වී ඇත්තේ ඔහුගේ කාරය තුළ කඩුවක් සඟවාගෙන තබා ගනිමින් බව ප්‍රකාශ කරයි.

එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කළේ කිසියම් හෝ පුද්ගලයෙක් ඔහුගේ ජීවිතයට හානියක් කළහොත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහු මෙම ආරක්ෂක ක්‍රමවේදය භාවිතා කළ බවයි. කෙසේ නමුත් මේ වන විට ඔහු එම කඩුවද අතහැර ඇති බවට සඳහන් කරයි.

ජනපති අයවැයක් කියලා කිව්වේ බොරු පච මල්ලක් - විපක්ෂ නායකට හොඳටම කේන්ති ගිහින්

ජනපති අයවැයක් කියලා කිව්වේ බොරු පච මල්ලක් - විපක්ෂ නායකට හොඳටම කේන්ති ගිහින්