ජනපති අයවැයක් කියලා කිව්වේ බොරු පච මල්ලක් - විපක්ෂ නායකට හොඳටම කේන්ති ගිහින්
ජනාධිපතිවරයා අයවැයක් යැයි පවසමින් බොරු පච මල්ලක් ඉදිරිපත් කරමින් ජනතාව යලිත් වතාවක් නොමග යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරයා සිනාසෙමින් කැරකි කැරකි අදහස් ප්‍රකාශ කරමින් අයවැය ලෙස බොරු මල්ලක් ඉදිරිපත් කළ බවත් බොරුව මුසාව මුලාව අසත්‍ය ජනතාව ඇන්දවීම හරහා ඔවුන්ගේ රජයේ පැවැත්ම තහවුරු කර රටේ ජනතාව අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
2026 වසර වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ දෙවැනි අයවැය තුළ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාව ඡන්ද වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක වන්නේද කියා සොයා බලන ලෙසත් විපක්ෂනායකවරයා එහිදි පැවසීය.
අද රජය ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් බොරු කිය කිය යන බවත් බොරුව සමාජගතව ඔවුන්ට නිරන්තරයෙන්ම රාජ්‍ය බලයේ ඉන්නලට ලැබෙයි කියා ඔවුන් සිතන බවත් ප්‍රේමදාස මහතා කීවේය.