ඇමතිගෙන් බලපෑම් - සභාපති ඉල්ලා අස්වීමෙන් පසු සියල්ල වමාරයි

Report

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඊයේ (28) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ආරක්ෂක ප්‍රමිතීන් හා රෙගුලාසිවලට එරෙහිව ගුවන් තොටුපළේ අතිසංවේදී ආරක්ෂිත කලාප  වෙත ඇතුළුවීම සඳහා නායක හිමිනමකට ස්ථිර ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල අවසර පත්‍රයක් නිකුත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා විසින් ලබාදුන් නියෝගයක් සභාපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ මතභේදය මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව බව අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා වාර්තා වේ.

ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සභාපති හර්ෂ ඉල්ලා අස්වෙයි

ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සභාපති හර්ෂ ඉල්ලා අස්වෙයි

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව එවැනි අවසර පත්‍ර නිකුත් කිරීම බරපතල ආරක්ෂක රෙගුලාසි උල්ලංඝනයක් බවත්, එය ගුවන් තොටුපළේ සමස්ත ආරක්ෂාවට තර්ජනයක් බවත් සභාපතිවරයා පෙන්වා දීමෙන් පසු ඔහු සහ අමාත්‍යවරයා අතර ඇති වූ ගැටුම මෙලෙස උත්සන්න වී ඇත.

හර්ෂ අබේවික්‍රම මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු අණදෙන නිලධාරියෙකු වන අතර, ගුවන් තොටුපළ ආරක්ෂාව හා ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳ දැඩිව පෙනී සිටින නිලධාරියෙකු ලෙස ප්‍රකටය. ඔහුගේ ධුර කාලය තුළ ගුවන් තොටුපළ ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට ගත් පියවර රැසක්ද තිබේ.

“කිව්ව පලියට ශානිට නඩු දැමීමට සාක්ෂි නැහැ" - නීතිපති කියයි

“කිව්ව පලියට ශානිට නඩු දැමීමට සාක්ෂි නැහැ" - නීතිපති කියයි

ඉල්ලා අස්වීමෙන් අනතුරුව ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ වැඩබලන සභාපති ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇති බව අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් දී තිබේ.

මෙම සිදුවීමත් සමඟ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රමිතීන් කෙරෙහි දේශපාලන මැදිහත්වීම් ගැන ප්‍රබල කතාබහක් මේ වන විට සමාජ මාධ්‍ය හා ගුවන් ක්ෂේත්‍රය තුළ නිර්මාණය වී ඇත. ICAO ප්‍රමිතීන් උල්ලංඝනය වීමෙන් රටේ ගුවන් ආරක්ෂාවට බලපෑම් ඇති විය හැකි බවටද අනතුරු ඇඟවීම් එල්ල වෙමින් පවතී.

අමාත්‍යාංශය හෝ ගුවන් තොටුපළ සමාගම මේ වන විට මෙම තත්ත්වය පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව සඳහන්ය.

රාජ්‍ය සේවකයන්ට රතු එළියක් - වැඩේ කරනවනම් හරියට කරන්න නැත්නම් යන්නත් පුළුවන්

රාජ්‍ය සේවකයන්ට රතු එළියක් - වැඩේ කරනවනම් හරියට කරන්න නැත්නම් යන්නත් පුළුවන්