ලංකාවේ ළමා අපයෝජන ඉහළට - වහාම මේ අංකයට දැනුම් දෙන ලෙස උපදෙස්
ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසන්නේ, මෙම වසරේ මේ දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 7,647ක් ලැබී ඇති බවයි.
එම අධිකාරියේ නීතිය ක්රියාත්මක කිරීමේ අංශයේ අධ්යක්ෂිකා, නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය සඳහන් කළේ, එම පැමිණිලි අතර අවදානම් සහගත තත්ත්වයන්, ශාරීරික හා මානසික හිංසනයන් සහ ළමා අපයෝජන සිද්ධීන් ඇතුළත් වන බවයි.
ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1929 ඔස්සේ දැනුම් දිය හැකි බව ද ඇය පැවසුවාය.