ලෝක යුද්ධයකට අත වැනීමක්? ලෝක බලවතා වූ රුසියාවට දරුණු ප්‍රහාරයක් - මොස්කව් අගනුවර ගිනි ගනී [VIDEO]

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාවේ මොස්කව් අගනුවර කපොට්න්යා (Kapotnya) දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදුව වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු එහි විශාල ගින්නක් හටගෙන ඇති බවයි.

ඊයේ (19) රාත්‍රියේ සහ අද අලුයම මොස්කව් සහ මොස්කව් කලාපය ඉලක්ක කරගනිමින් එල්ල වූ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇත.

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි

ටෙලිග්‍රෑම් නාලිකා ඔස්සේ සංසරණය වන දර්ශන හා මූලික වාර්තාවලට අනුව, මෙම ප්‍රහාරයෙන් පිරිපහදුවේ ELOU-AVT-6 ලෙස හඳුන්වන ප්‍රධාන තෙල් පිරිපහදු ඒකකයට සෘජු හානි සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිපහදුව මගින්, වසරකට තෙල් ටොන් මිලියන 11 ක් පිරිපහදු කිරීමේ හැකියාව පවතින අතර, මොස්කව් නගරයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 40% ක් පමණ සපයනු ලබන්නේ මෙම පිරිපහදුව මගින්ය.

හදිසියේම උතුරු කොරියාව ජපානය දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කරයි - ලොවම උණුසුම් කරමින් න්‍යෂ්ටික අවි ශක්තිමත් කරන කිම් ජෝන් උන්

හදිසියේම උතුරු කොරියාව ජපානය දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කරයි - ලොවම උණුසුම් කරමින් න්‍යෂ්ටික අවි ශක්තිමත් කරන කිම් ජෝන් උන්

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් මීට අමතරව, එල්ල වූ මෙම දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාව හේතුවෙන් මොස්කව් හි සොෆියිනෝ (Sofyino) ලොජිස්ටික්ස් තාක්ෂණික උද්‍යානයේ (Logistics Technopark) ද විශාල ගින්නක් හටගෙන ඇති බවයි.

යුද්ධේ නවත්තන්න ඕනේනම් මෙන්න කොන්දේසි 7ක් - ඉරානය හා ඇමරිකාව අතර ඇවිලෙන යුධ ගිනි

යුද්ධේ නවත්තන්න ඕනේනම් මෙන්න කොන්දේසි 7ක් - ඉරානය හා ඇමරිකාව අතර ඇවිලෙන යුධ ගිනි