“කිව්ව පලියට ශානිට නඩු දැමීමට සාක්ෂි නැහැ" - නීතිපති කියයි

Report

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනු කර තිබූ පැමිණිලි සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සම්පත් බණ්ඩාර මහතා පැවසුවේ, ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු සූදානමක් නොමැති බවයි.

‍රටම ආදරය කළ ප්‍රවීණ කලාකරුවෙක් දිවි‍යෙන් සමුගනී

‍රටම ආදරය කළ ප්‍රවීණ කලාකරුවෙක් දිවි‍යෙන් සමුගනී

එසේම, රහස් පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලට අනුව ඔහුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

අග්‍රවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ශානි අබේසේකර මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක මෙහිදී සලකා බැලිණි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ලට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන් අතර, එය ඉදිරියට ගෙන යනු ඇත.

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බැවින්, එයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමද ඉල්ලා අස්කර ගැනීමට ශානි අබේසේකර මහතා කටයුතු කර තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පෙර සජිත්ගේ ඔලුව පරීක්ෂා කරගන්න - නලින්ද

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පෙර සජිත්ගේ ඔලුව පරීක්ෂා කරගන්න - නලින්ද

රනිල් මැරෙන්න ඉද්දි බොරිස් ජොන්සන්ගේ පොත් කියවපු එකටත් බරපතළ චෝදනාවක් - ඒවත් පොදු දේපළ අවභාවිත කිරීම්ලු

රනිල් මැරෙන්න ඉද්දි බොරිස් ජොන්සන්ගේ පොත් කියවපු එකටත් බරපතළ චෝදනාවක් - ඒවත් පොදු දේපළ අවභාවිත කිරීම්ලු