බද්දේගම කළඹපු වෙඩිතැබීම ගැන තවත් තොරතුරු එළියට

Report

 මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඉලක්ක කර බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීම පිළිබද තවත් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසියට හැකියාව ලැබී ඇත

වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථය පැදවූ පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සඳහන් කළේ මියගිය කාන්තාව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි .

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඇය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය .

මෙලෙස මියගිය කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කිරීමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනුයේ ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථයේ මඟ හරස් කර ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි 

බද්දේගම හල්පතොට වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මරුට

බද්දේගම හල්පතොට වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මරුට