බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි මතක් කිරීමක්

Report

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන අවසන් බදු ගෙවීම 2026 සැප්තැම්බර් 30 වනදාට පෙර සිදු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) බදු ගෙවන්නන්ට මතක් කර දී තිබේ.

බදු ගෙවීමේදී නිවැරදි බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN), බදු වර්ගය, තක්සේරු වර්ෂය සහ ලේඛන හඳුනාගැනීමේ අංකය (DIN) නිවැරදිව භාවිත කරන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

නියමිත දිනට බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම හේතුවෙන් පොලී සහ දඩ මුදල් අය කෙරෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.

එමෙන්ම, ප්‍රමාද වී සිදුකරන බදු ගෙවීම් සඳහා අය කෙරෙන පොලී මුදල් අත්හැරීමක් හෝ අඩු කිරීමක් සිදු නොකරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත බදු ගෙවීමේ වේදිකාව (Online Tax Payment Platform) ඔස්සේ බදු ගෙවීම් සිදුකළ හැකි අතර, නම් කරන ලද බැංකු ශාඛා හරහාද ගෙවීම් සිදුකළ හැකිය.

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙකේ ලංකාව අනතුරේ - ඉස්සරහට එන්න යන්න බිහිසුණු අවදානමක්

ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙකේ ලංකාව අනතුරේ - ඉස්සරහට එන්න යන්න බිහිසුණු අවදානමක්