මේ රාජ්‍ය අංශය නිලධාරීන්ට විද්‍යුත් මෝටර් - විද්‍යුත් යතුරු පැදි සඳහා අයදුම්පත් කැඳවයි
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ හාරසීයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බවයි.
එමෙන්ම වැඩිදුරටත් ඔහු පැවසුවේ සහකාර පොලිස් අධිකාරී තනතුරුවලින් පහළ නිලධාරීන් හැටපන්දහසකට විද්‍යුත් යතුරු පැදි ලබාදීමට අයදුම්පත් කැඳවා ඇති බවයි.
මීට අමතරව පොලිසියට කැබ් රථ 134ක් ඉන්දීය ණය ආධාර යටතේ දුන් බවත් තවත් කැබ් රථ දෙසීයකට ටෙන්ඩර් ප්රදානය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම මෝටර් බයිසිකල් සඳහාද ටෙන්ඩර් කැඳවා ඇති බවත් නව පොලිස් මූලස්ථානයක් ඉදිකිරීමට මුදල් වෙන් කර ඇති බවත් රුපියල් කෝටි 800ක වියදමින් පොලිස් රෝහල නවීකරණය කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
පොලිස් නිලධාරීන් 85000කට 2027 අයවැයෙන් අවදානම් දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා අත්තිඩිය පොලිස් විශ්ව විද්‍යාලය ආරම්භ කරීමට කටයුතු කරන බවත් දන්වා ඇත.