ළදරු කිරි බෝතලෙත් ප්‍රශ්ණයක් - දෙමව්පියන්ගේ විශේෂ අවධානයට - මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමට පෙර දැනුවත් වෙන්න

Report

නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවූ ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ විමර්ශන වැඩසටහන මගින් හැකි වී ඇත.

එමෙන්ම පසුගිය සතිය තුළ සිදුකළ මෙම මෙහෙයුමේදී සමස්ත පරීක්ෂා කිරීම් 144ක් සිදුකර ඇති අතර, ඊට නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධ වැටලීම් 96ක් සහ ළදරු කිරි බෝතල් සම්බන්ධ වැටලීම් 48ක් සිදුව ඇත.

මේ රාජ්‍ය අංශය නිලධාරීන්ට විද්‍යුත් මෝටර් - විද්‍යුත් යතුරු පැදි සඳහා අයදුම්පත් කැඳවයි

මේ රාජ්‍ය අංශය නිලධාරීන්ට විද්‍යුත් මෝටර් - විද්‍යුත් යතුරු පැදි සඳහා අයදුම්පත් කැඳවයි

2026 අප්‍රේල් 01 දින සිට නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය ද, පොලිමර් ද්‍රව්‍යවලින් නිෂ්පාදිත ළදරු කිරි බෝතල් සඳහා SLS 1306 ප්‍රමිතිය ද 2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/42 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළවූ විධාන අංක 96 අනුව අත්‍යාවශ්‍ය වේ.

මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන අදාළ භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කරන SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කර ඇති නමුත් ආනයනික නිෂ්පාදන සඳහා SLS ලාංඡනය තිබීම අනිවාර්ය නොවන අතර, එම භාණ්ඩ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ යටතේ පරීක්ෂා කර අලෙවිය සඳහා අනුමත කර තිබිය යුතුය.

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

එමෙන්ම විධාන අංක 83 යටතේ බිල්පත් සහ ඉන්වොයිසි පරීක්ෂා කරමින් භාණ්ඩවල මූලාශ්‍රය හඳුනාගැනීමට කටයුතු කර ඇති අතර, වෙළෙන්දාගේ සිට ආනයනකරු හෝ නිෂ්පාදකයා දක්වා වූ මුළු සැපයුම් දාමය ඔස්සේම ඉදිරි විමර්ශන මෙහෙයවනු ලැබේ.

දේශීය භාණ්ඩ මිලදී ගැනීමේදී SLS ලාංඡනය පරීක්ෂා කරන ලෙසත්, ආනයනික භාණ්ඩයක SLS ලාංඡනය නොමැති පමණින් එය නීති විරෝධී යැයි නිගමනය නොකරන ලෙසත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙකේ ලංකාව අනතුරේ - ඉස්සරහට එන්න යන්න බිහිසුණු අවදානමක්

ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙකේ ලංකාව අනතුරේ - ඉස්සරහට එන්න යන්න බිහිසුණු අවදානමක්

එමෙන්ම වෙළෙඳුන් සහ ආනයනකරුවන් භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර අදාළ ප්‍රමිති සහ නීතිමය අනුකූලතාව තහවුරු කරගත යුතු බවට දැනුම් දී ඇත.

සැකකටයුතු භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇමතීමට පහසුකම් සලසා තිබේ.