"හිත් ඇති මිනිසුන් ද හිත් නැති නරුමයන් ද ගැවසෙන දූපතක අපේ ආදරය තව තව දිදුලයි" - විවාහයෙන් පසු කලණ ගුණසේකර ෆේස්බුක් හි තැබූ හැඟීම්බර සටහන
කළණ ගුණසේකර කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්රයේ දැවැන්තයෙක්නේ . ඔහුගේ විවාහය මුළු රටක්ම කතාවුණා .
සමාජ මාද්යයේ විවිධ කතා මැවුණා . ප්‍රේමය තියන තැනට අන් කිසිවක් අවශ්‍ය නැහැ.
සමාජයේ මිනිස්සු විවිධ කතා කිව්වත් අදාළ නෑ ඉතිං කළණයි රුවිනියි අපූරු photo shoot එකක් කරලා තිබුණා .
පසුගියදා අලුත් ජීවිතයක් අරඹමින් කළණ යුග දිවියට පිවිසීමත් එක්ක, ඔහුගේ විවාහ මංගල්‍යයේ සුන්දර ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේත් බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.
සටහනක් ද එක්කරමින් කළණ ගුණසේකර සිය facebook ගිණුමේ වෙනස්ම අදහසක් පළ කරලා තිබුණා
හිත් ඇති මිනිසුන් ද හිත් නැති නරුමයන් ද
හිත් සනසන දෙවියන් ද හිත් වනසන යක්ශයින් ද
අවංක ආත්මීය ලස්සන ගැහැනුන් ද
කේලම් කාර ඕප දූප වෑනෙන අව පිරිමින් ද ලස්සන හදවත් ඇති වටිනාකමක් දකින පිරිමින්ද ගැහැනු ආත්ම වනසන ආත්මීය අවලස්සන ගැහැනුන් ද
ගැවසෙන පැවතුන සනසන වනසල දූපතක අපේ ආදරය තව තව දිදුලයි..












