මේ පලාත් හා දිස්ත්‍රික්කවලට කාලගුණයෙන් ප්‍රබල අනතුරු ඇගවීමක්

Report

ඌව සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට අමතරව මන්නාරම, මුලතිව්, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා ද මෙම අවවාදාත්මක නිවේදනය බලපැවැත්වේ.

බද්දේගම හල්පතොට වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මරුට

බද්දේගම හල්පතොට වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මරුට

අදාළ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව සඳහන් වේ. අකුණු සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සජීත්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් - 2027න් පසුවත් IMF වැඩසටහනෙන් ඉවත් විය නොහැකියි බව කියයි

සජීත්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් - 2027න් පසුවත් IMF වැඩසටහනෙන් ඉවත් විය නොහැකියි බව කියයි