චීනයේ අස්වනු උත්සවයට නව මුහුණුවරක් - ගොවිතැනට රොබෝ යන්ත්‍රත් එක්වෙයි

Report

චීනයේ ගොවි අස්වනු උත්සවය සෑම වසරකම සරත් විෂුවය ආසන්නයේදී පැවැත්වෙන අතර, එය ගොවීන්ගේ මෙහෙවර සහ ඔවුන්ගේ අස්වනු සැමරීම වෙනුවෙන් වෙන් වූ විශේෂ අවස්ථාවක් ලෙස සැලකෙනවා.

මෙවර සරත් විෂුවය සැප්තැම්බර් 23 වැනිදාට යෙදී තිබූ අතර, එහි ප්‍රධාන සැමරුම් උත්සවය මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ සාඕයෑං නගරයේදී පැවැත්වුණා. මෙවර උත්සවයේ විශේෂ අවධානයක් යොමුවී තිබුණේ කෘෂිකර්මාන්තයේ සිදුවෙමින් පවතින තාක්ෂණික වෙනස්කම් වෙතයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම, නව බෝග ප්‍රභේද සංවර්ධනය සහ ස්මාර්ට් කෘෂිකාර්මික තාක්ෂණ භාවිතය හරහා අස්වනු වැඩි කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දේශගුණික හා පාරිසරික බලපෑම්වලට වඩාත් ඔරොත්තු දෙන බෝග නිෂ්පාදනය සඳහා අවධානය යොමුව තිබෙනවා.

සාඕයෑං ප්‍රදේශයේ පීච් වගා බිම්වල පලතුරු නෙළීම සඳහා රොබෝ යන්ත්‍ර භාවිත කරන ආකාරයද මෙහිදී දැකගත හැකිවුණා. සාඕයෑං චීනයේ ප්‍රධාන පීච් නිෂ්පාදන ප්‍රදේශයක් වන අතර, එහි පීච් වගාව සඳහා හෙක්ටයාර් 20,000කට වැඩි භූමි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.

''AI නියාමනය නොකළොත් මිනිසුන් බිලියනයක් මිය යා හැකියි'' - බිල් ගේට්ස්ගෙන් මනුෂ්‍ය සංහතියට දැඩි අනතුරු ඇඟවීමක්

''AI නියාමනය නොකළොත් මිනිසුන් බිලියනයක් මිය යා හැකියි'' - බිල් ගේට්ස්ගෙන් මනුෂ්‍ය සංහතියට දැඩි අනතුරු ඇඟවීමක්

එමෙන්ම BeiDou චන්ද්‍රිකා නාවික පද්ධතියේ මඟපෙන්වීම යටතේ ස්වයංක්‍රීය අස්වනු නෙළන යන්ත්‍ර දෙකක් මගින් වී අස්වනු නෙළන ආකාරයද එහිදී දැකගත හැකි වී තිබෙනවා.

මේ අතර, Huazhong Agricultural University විසින් සංවර්ධනය කරන ලද “High-Protein Corn” නමැති නව ඉරිඟු ප්‍රභේදයද මෙවර පළමු වරට සාර්ථක අස්වනු නෙළීමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව චීනයේ මෙවර අස්වනු උත්සවය සම්ප්‍රදායික ගොවි සංස්කෘතිය සැමරීමකට පමණක් සීමා නොවී, නවීන තාක්ෂණය සහ කෘෂිකාර්මික නවෝත්පාදන සමඟ එරට කෘෂිකර්මාන්තය ඉදිරියට ගමන් කරන ආකාරයද පෙන්වා දෙන අවස්ථාවක් බවට පත්ව තිබෙනවා.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - ප්‍රබල නෝඊස්ටර්’කුණාටුව ඊසානදිග ප්‍රදේශයට

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - ප්‍රබල නෝඊස්ටර්’කුණාටුව ඊසානදිග ප්‍රදේශයට