රාජ්‍ය සේවකයන්ට රතු එළියක් - වැඩේ කරනවනම් හරියට කරන්න නැත්නම් යන්නත් පුළුවන්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත්තේ, රාජ්‍ය සේවයට ඇතුළු වීම තමන්ගේ ස්වේච්ඡාවෙන් හා කැමැත්තෙන් සිදුවූ බවත්, බලහත්කාරයෙන් කිසිදු සේවකයෙකු රාජ්‍ය සේවයට ඇතුළු කර නොගත් බවත්ය.
කොළඹ පදනම් ආයතනයේදී රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුරු 213කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ඔහු මෙහිදී පැවසුවේ:
“ඔබව මේ සේවාවට බලහත්කාරයෙන් ඇතුළු කරගෙන නෑ. ඔබ වැඩිහිටි අය. මම බැලුවා පත්වීම් ලබා දුන්නු අය ගොඩක් අය මම ඒ ලෙවල් කරාට පස්සේ තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් ඔබ දැන් වැඩිහිටියෝ. ඔබට ඔබේ කැමැත්ත මත තමයි මේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මෙතන ඉන්නේ 2022 දී අයදුම් කරපු අය. ඒ නිසා වසර කීපයක්මත් තිබුණා මේකට ඇතුළ් වෙනවද නැද්ද කියලා තීන්දු කරන්න. දැන් එහෙම කාලයක් බලාගෙන ඉඳලා රාජ්‍ය සේවයට, සෞඛ්‍ය සේවයට ඇතුළ් වෙන්න තීන්දු කරගත්ත 213කට තමයි අද අපි පත්වීම් ලබාදෙන්නේ.”
අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, පත්වීම් ලැබූ පසු රාජ්‍ය සේවයේ වගකීම් හා භාරදුරභාවය පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු බවත්, රාජ්‍ය සේවයට ඇතුළු වූ පසු පෙර ගත කළ සාමාන්‍ය හෝ නිදහස්කාමී ජීවිතය ගත කරමින් සියලු වගකීම්වලට එක්ස්කියුස් ලබාදෙමින් යාමට නොහැකි බවත්ය.
“ඒක නිසා මම හිතනවා මේ රාජ්‍ය සේවය පිළිබඳව, සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව, ඔබට තිබෙන වගකීම පිළිබඳව හොඳම අවබෝධයකින් මෙතනට එන්න ඇති කියලා. මේ පත්වීම ගත්තට පස්සේ රාජ්‍ය ඇතුලත් වෙනකොටම ඔබ හිත හදාගන්නට ඕනා මේකේ වගකීම භාරදුරභාවය පිළිබඳව. ඊට කලින් ගත කරපු සාමාන්‍ය ජීවිතේම ගත කරමින් ඒ නිදහස්කාමී ජීවිතයම ගත කරමින් සියලු දේවල්ට එක්ස්කියුස් ලබා දෙමින් යන ගමනක් රාජ්‍ය සේවාව තුළ යන්නත් බැහැ.”
රනිල් මැරෙන්න ඉද්දි බොරිස් ජොන්සන්ගේ පොත් කියවපු එකටත් බරපතළ චෝදනාවක් - ඒවත් පොදු දේපළ අවභාවිත කිරීම්ලු
එසේම, පසුගිය වසර තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට සේවකයින් දහදහසකට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති අතර, ඉන් දෙදහසකට ආසන්න පිරිසක් බඳවා ගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම හෙද සේවාව සඳහා පුද්ගලයන් 4,141ක් බඳවා ගැනීම මගින් ඉතිහාසයේ වැඩිම බඳවා ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වූ බවත් ඔහු සඳහන් කළේය.
වත්මන් රජය රාජ්‍ය සේවාවේ අවශ්‍යතා හා අනාගත සැලසුම් නොසලකා විශාල පිරිසක් එකවර බඳවා ගැනීම් සිදු නොකරන බවත්, මූල්‍ය තත්ත්වයන් හා අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන, නිසි කමිටු අනුමැතිය යටතේ පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.