උසස් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් - 15 හැවිරිදි සිසුවාගේ වෙඩි තැබීමෙන් තුර්කියේ පුද්ගලයින් 11කට දරුණු තුවාල

Report

තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෙඩික්කරු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වාර්තා වන ආකාරයට මෙම සිදුවීම එරට වේලාවෙන් පෙ.ව. 08:00 ට පමණ තුර්කියේ බටහිර මනිසා පළාතේ පිහිටි ඉන්සි උස්මගස් වෘත්තීය සහ තාක්ෂණික ඇනටෝලියන් උසස් පාසල (Inci Uzmez Vocational and Technical Anatolian High School) ආසන්නයේ සිදුව ඇත.

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්

ප්‍රදේශයේ ආණ්ඩුකාර කාර්යාලයට අනුව, ප්‍රහාරකයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති ඇති අතර දේශීය මාධ්‍ය වාර්තා කළේ රෝහල් ගත කළ තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

අන්තර්ජාලයට එක්කර තිබූ CCTV දර්ශනවල දැක්වෙන්නේ පාසල අසල මාර්ගයක පුද්ගලයෙකු ගිනි අවියක් අතැතිව සිටින ආකාරය සහ තවත් දර්ශන පෙළක ඔහු එම ගිනි අවිය ද සහිතව පළා යන ආකාරයයි.

පොලිසියෙන් රියදුරන්ට හා මගීන්ට අනතුරු ඇඟවීමක් - ඉඩ නැතිව තුන්වෙනි මගියෙක්ට ගමන් තහනම්

පොලිසියෙන් රියදුරන්ට හා මගීන්ට අනතුරු ඇඟවීමක් - ඉඩ නැතිව තුන්වෙනි මගියෙක්ට ගමන් තහනම්

වෙඩික්කරු 15 හැවිරිදි සිසුවෙකු බව තුර්කි මාධ්‍ය වාර්තා කර ඇති නමුත් එය තවමත් නිල වශයෙන් තහවුරු කර නැත. නිවේදනයක් නිකුත් කරමින් තුර්කි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මෙම සිදුවීම "අපගේ ජාතිය, විශේෂයෙන්ම අපගේ අධ්‍යාපන ප්‍රජාව දැඩි කම්පනයට පත් කළ" බවයි.