මගේ නම යොදාගෙන ගවයන් සේ හැසිරීමෙන් වළකින්න මගේ මාමණ්ඩි ඉන්නේ USA වල.." මාලිංග සැබෑ මාමණ්ඩිය ගැන එළි කරයි [VIDEO]
By Kaushi
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ලසිත් මාලිංගගේ මාමණ්ඩි "රේණුක පෙරේරා" නම් මහතෙකු බවට කටකතා පළ වීමත් සමඟ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතු වුණා.
කොහොම වුණත් ඔන්න ලසිත් මාලිංගම මෙම පුවතේ ඇත්ත නැත්ත පහදලා තියෙන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. ඒ අනුව අඳාළ සටහනෙන් ඔහු දන්වා ඇත්තේ, රේණුක පෙරේරා මහතාට සිටිනුයේ පිරිමි ළමයින් දෙදෙනෙකු පමණක් බවයි.
ඉන් අදහස් කර ඇත්තේ රේණුක පෙරේරා කියන මහත්මයාට දියණියන් නොමැති බැවින් මාලිංගගේ බිරිඳගේ පියා ඔහු නොවන බවයි.
අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා
කෙසේ වෙතත් ඉන් නොනැවතුණු ලසිත් මාලිංග තවදුරටත් අවධාරණය කර ඇත්තේ, "මගේ නම යොදාගෙන ගවයන් සේ හැසිරීමෙන් වළකින්න ස්තුතියි" යනුවෙන්.
එසේම කුතුහලයෙන් පසු වූ අය සඳහා තමන්ගේ සැබෑ මාමණ්ඩිය ගැනත් මාලිංග අවසාන වශයෙන් හෙළිදරව්වක් කර ඇත.
ඒ "මගේ මාමණ්ඩි USA වල හොදට ජීවිතය ගෙවයි" යනුවෙන්.