රට යන්නම නැහැ කියපු නලින්ද හදිස්සියේම ස්විට්සර්ලන්තයට යන හේතුව
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (මැයි 18) පෙරවරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 78 වැනි වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇත.
මෙම සමුළුව හෙට (19) සිට 27 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වෙන අතර, මෙවර තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික සියලු රටවල සෞඛ්‍ය අමාත්‍යවරු මෙම සමුළුවට සහභාගී වන බව වාර්තා වේ. ඊට අමතරව, සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් 5,000කට අධික පිරිසක් ද සහභාගී වීමට නියමිතය.
සමුළුවේදී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඉදිරිපත් වන යෝජනා, අදහස්, සහ පර්යේෂණ දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසර තුළ ලොව සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීමට අවශ්‍ය තීරණ, ප්‍රතිපාදන, සහ සැලසුම් සකස් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරයාට අමතරව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් ඇතුළු නිලධාරී කණ්ඩායමක් ද සමුළුවට සහභාගී වේ.
