"අපිට බලයක් නැති කාලෙම මේක කරන්න හිතුවා" - ඇමති ලාල් කාන්ත

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සේවකයින් සඳහා සංවිධානය කළ විශේෂ හමුවක් සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහභාගී විය. අමාත්‍යවරයාගේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කරන පළමු නිල සංචාරය ලෙස මෙම හමුව සැලසුම් කර තිබුණි.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

එහිදී පවත්වාගෙන යන ව්‍යාපෘති පිළිබඳව සවිස්තර දැනුම් ලබා ගැනීම සහ අනාගත වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු කරන ලදී. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට දැඩි දායකත්වයක් සපයන තවත් වැදගත් රාජ්‍ය ආයතනයකි.

විශාල ගින්නක් - ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත

විශාල ගින්නක් - ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත

රටපුරා පැතිරුණු ඇල මාර්ග, ගංගා, වැව් ආදිය නඩත්තු කිරීම හා ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ මූලික වගකීම වේ. ඒ හේතුවෙන් ජනතාව වෙනුවෙන් සිදුකරන මෙහෙයුම් විශාල ප්‍රතිලාභයක් ඇතිකරන බව පැහැදිලිය.

ඇවිලුණු කහවත්ත - අභිරහසක් වුණ ඝාතනය - මත්ද්‍රව්‍ය කරපු හරියක්

ඇවිලුණු කහවත්ත - අභිරහසක් වුණ ඝාතනය - මත්ද්‍රව්‍ය කරපු හරියක්

අමාත්‍යවරයා මෙහිදී පුද්ගලික අත්දැකීම් පදනම් කර ගත් විශේෂ අදහස් කිහිපයක් ද ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ:

” දේශපාලන බලයක් අපිට ලැබෙයි කියලා හිතපු නැති කාලේ වැව්තාවුලු වල ඇවිදින කොට අපි කතා කරපු දෙයක් තමයි, කවදාහරි මේ වැව් වල තාවුල්ල පිලිසකර කරන්න ඕනා කියන එක. දෛවයෙන් ලැබුන දෙයක් වගේ මම දැන් කැබිනට් ඇමතිවරයා වෙලා මට කැබිනට් පත්‍රිකාවක් එනවා මේ ලඟදී දවසක වැව්තාවුලු ප්‍රතිසංස්කරණයට කැබිනට් පත්‍රිකාවකට අත්සන් කරන්න. මම ඒක ඉතාම ආසාවෙන් කරපු වැඩක්. ඒ කැබිනට් පත්‍රිකාව ලබාදුන් නිලධාරියාට බොහොම ස්තූතියි. මගේ ජීවිතයේ වැව් සම්බන්ධව තියෙන්නේ සුන්දර අත්දැකීම් ගොඩක්. මම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා මේවා විනාශ වෙන්න නොදී අනාගත පරම්පරාවට දායක කරන්න කැපවීමෙන් වැඩ කරන්න කියලා. මේවා රැකගන්න තරාතිරම් නොබලා කටයුතු කරන්න අපි හැමෝම සූදානම්.”

මෙම හමුවට වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා, අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, ඉංජිනේරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ.