භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණ වගකීම අනුර භාර ගත යුතුයි - රටම කතා කරන වංචාව ගැන පාඨලීගෙන් බරපතළ චෝදනාවක්[VIDEO]

Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භාණ්ඩාගාරය මඟින් සිදු කළ ගනුදෙනුවක් වංචා කර ඇති බවත්, එහි සම්පූර්ණ වගකීම මුදල් අමාත්‍යවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා භාරගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, අඳාළ ගනුදෙනුව සම්බන්ධ තොරතුරු පාර්ලිමේන්තුවට ලබා නොදීම හරහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Fiscal Management Act) බරපතළ ආකාරයට උල්ලංඝනය කර තිබෙන බවයි.

හැකර්වරුන්ට මුදල් ගෙවීම ගැන හොයන්න කාරක සභාවක් පත් කරන්නැයි සජිත් කියයි

හැකර්වරුන්ට මුදල් ගෙවීම ගැන හොයන්න කාරක සභාවක් පත් කරන්නැයි සජිත් කියයි

ඒ ඔස්සේ වත්මන් රජය පාර්ලිමේන්තුව නොමඟ යැවීමට කටයුතු කර ඇති අතර, එය පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල හෑල්ලුවට ලක් කිරීමක් බව ද ඔහු පවසයි.

එමෙන්ම මුදල් අමාත්‍යවරයාට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම් ද මෙම පනත උල්ලංඝනය කිරීමේ වගකීමට බැඳී සිටින බව අවධාරණය කළ රණවක මහතා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මෙහි සම්පූර්ණ වගකීම අනුර කුමාර දිසානායක මහතා සතු වන බව සඳහන් කරයි.

2029 දී ජනාධිපති වෙන්නෙත් අනුර ඒ හැර වෙන සුදුස්සෙක් නෑ - පක්ෂෙන් අතෑරියත් සමන්ත අනුර වෙනුවෙන් හිට ගනී

2029 දී ජනාධිපති වෙන්නෙත් අනුර ඒ හැර වෙන සුදුස්සෙක් නෑ - පක්ෂෙන් අතෑරියත් සමන්ත අනුර වෙනුවෙන් හිට ගනී

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,