හැකර්වරුන්ට අපහාස කරන්න එපා මේ හැකරුවරුන්ගේ වැඩක් නෙමෙයි - භාණ්ඩාගාරයේ මුදල් කොල්ලය ගැන දිලිත් කට අරී[VIDEO]
මහා භාණ්ඩාගාරයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය හැකර්වරුන්ගේ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකි බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අවධාරණය කර ඇත.
ඒ අනුව අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ විෂයභාර අමාත්‍යවරයා ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.
" මේක සරලව ගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේක මුදල් ඇමතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා යටතට ගෙනල්ලා සෘජුවම අධීක්ෂණය කරන්නට ලබාදුන් අවස්ථාවක් එතකොට අපේ බාහිර සම්පත් පරිපාලන ඒකකය විසින් මෙවැනි ගනුදෙනු මෙවැනි පියවීම් දිගටම සිදුකරමින් සිටියා. මේක සිදුවෙලා මාස තුනක් හෝ හතරක් ගත වුණාට පස්සේ තමයි, මාධ්‍යට ආවාට පස්සේ තමයි මේගොල්ලෝ මේක හෙළි කරන්න හදන්න නමුත් ඒ හෙළි කරන විදිහ, ඇමතිවරු හතරක් හතරක් කියනවා ලේකම්වරයා තව එකක් කියනවා. එතකොට මේකෙන් පේනවා මේකේ එක්කෝ සෘජු වංචාවක් තියෙනවා.
එහෙම නැත්නම් මේ වංචාවට අනුබල දීල තියෙනවා. මේ හැකර්වරුන්ට අපහාස කරන්න එපා මේ හැකරුවරුන්ගේ වැඩක් නෙමෙයි. හැකර්වරුන් කියන්නේ වෙන ජාතියක්. හැකර්වරු එක්කෝ එතිකල් හැකර්ස්ලා වෙන්න ඕනේ එහෙම නැත්තම් වයිට් හැකර්ස්ලා වෙන්න ඕනෙ. නැත්තම් බ්ලැක් හැකර්ස්ලා වෙන්න ඕනේ. ගිහිල්ලා සිකුයුරිටි සිස්ටම් එකට ගහලා මේක ඇතුළට එන්ටර් වෙලා තියෙන්න ඕනේ...මේ කිසිම ගණයකට අයිති වන හැකර් කෙනෙක්ගෙ වැඩක් නෙමෙයි මේ. "
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,