ප්‍රවාහන ක්ෂේත්‍රයම ගොඩ දාන්න සැරසෙන බිමල් - ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් සැලසුම් රැසක්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා විසින් මෙයින් මාස දහඅටකට පෙරාතුව ජනතාව විසින් බලයට පත්කල වත්මන් රජය යටතේ පොදු ප්‍රවාහනයේ ආරක්‍ෂාවට තිරසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, රිය අනතුරු නිසා වසරකට අහිමිවන 2,700 කට අධික මානව සම්පත ආරක්‍ෂා කර ගනිමින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය විසින් ‘ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට’ අනුකූල සියලු ක්‍රියාමාර්ග ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් ‘අහඹු මත්ද්‍රව්‍ය පරීක්‍ෂාව පිළිබඳ මූලධර්ම සහ භාවිතය’ තේමාව යටතේ ආයතන මට්ටමින් නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද එක් දින විශේෂ වැඩමුළුව හා සම්බන්ධ වෙමින්.
අඳාළ වැඩමුළුව කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ශ්‍රවණාගාරයේ දී පැවති අතර ජෛව සාම්පල්වල මත්ද්‍රව්‍ය පරීක්‍ෂාවේදී විද්‍යාත්මක කරුණු පිළිබඳ අවබෝධය සහ දැනුම ලබාදීම එහි අරමුණ විය.
එසේම මෙම වැඩමුළුව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර, ඊට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරු, රසායනාගාර කාර්මික විද්‍යාඥයින්, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රෝහල්වල ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් උපාධි පුහුණුවේ යෙදී සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන් හා වෘත්තිකයින් සහභාගී විය.
අනිද්දා පැවැත්වීමට තිබූ මෙම තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් යයි - අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
එහිදී වැඩිදුරටත් වැඩමුළුව අමතා සිය දේශනය සිදුකල බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේ,
‘රජය විසින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කරන්න විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා.කොතරම් මාර්ග සංවර්ධනය කළත් නවීන වාහන ආනයනය කළත් යටිතල පහසුකම් වැඩිදියුණු කළත් නිසි පුහුණුවක්, විනයක් නොමැති වූ විට මාර්ගයේ ආරක්‍ෂාව නැතිවෙනවා.වසරකට සිදුවන 2,700 කට අධික ජීවිත අහිමිවීම ක්‍රමිකව අඩුකරගන්න ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. 2029 වසර වනවිට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ප්‍රතිශතයකින් අඩුකර ගැනීම ඉලක්කයයි.මත්ද්‍රව්‍ය භාවිත කරන සියයට පහලොවක්, දහඅටක් අතර සංඛ්‍යාවක් සිටින බව දැනට වාර්තා වෙනවා. සියයට පනස්තුනක් අනතුරුවලට හේතුව රියදුරන්ගේ ප්‍රශ්න. අනතුරුවලට පහසුවන ක්‍රියාකාරකම් සිදුවෙනවා.විනයක්, පුහුණුවක් නැතුව ප්‍රවාහනයේ ආරක්‍ෂාව හදන්න බැහැ. රජය විදියට ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව ප්‍රවාහනයේ ආරක්‍ෂාව ඇති කරන්න පියවර ගන්නවා. මගී ආරක්‍ෂාව අංක එකට ගෙන තිබෙනවා. අදහස්වලට එහා ගිය ක්‍රියාමාර්ගවලට ගිහින් තියෙනවා. රටට ගැළපෙන ප්‍රමිතිගත බස් රථ හා වාහන ආනයනය කරනවා. නිෂ්පාදිත වගකීම ගැන සැලකිලිමත් වෙනවා. මේ සියලු ආරක්‍ෂිත ප්‍රතිසංස්කරණ මඟින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව සැලසීමට කටයුතු කරනවා. මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කරගැනීමට සමාජ පාඨමාලාවක් ලෙස සිදුකිරීම අවශ්‍ය වෙනවා.’