ඉදිරි වසර 04 ට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති පුටුව අසංග සෙනෙවිරත්නට හිමි වෙයි

Report

ඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය වෙනුවෙන් අසංග සෙනවිරත්න මහතා පත්ව ඇත. ඒ අද (25) දින පැවති එම කමිටුවේ නිලවරණයේදියි.

කෙසේ වෙතත් මෙවර සභාපති ධුරය සඳහා අපේක්ෂකයින් 5 දෙනෙක් නාමයෝජනා දී තිබූ අතර ඒ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උපසභාපති ශිරන්ත පීරිස් සහ ශ්‍රී ලංකා බේස් බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න යන ප්‍රධාන අපේක්ෂකයින් අයත්ව සිටියා.

සභාපති පුටුව වෙනුවෙන් අපේක්ෂකයන් 5 ක් තරගෙට - මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය තියුණු වෙයි

සභාපති පුටුව වෙනුවෙන් අපේක්ෂකයන් 5 ක් තරගෙට - මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය තියුණු වෙයි

ඒ අනුව අද දින පැවැති නිලවරණයෙන් ඡන්ද 16ක් ලබා ගනිමින් අසංග සෙනවිරත්න මහතා ඉදිරි වසර 04 වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත් විය.

ශාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 4ක විශිෂ්ඨ ජයග්‍රහණයක්

ශාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 4ක විශිෂ්ඨ ජයග්‍රහණයක්

ජයත්‍රගෙන් ජයග්‍රාහී ලෝකඩ පදක්කමක්

ජයත්‍රගෙන් ජයග්‍රාහී ලෝකඩ පදක්කමක්