ඇවිලුණු කහවත්ත - අභිරහසක් වුණ ඝාතනය - මත්ද්‍රව්‍ය කරපු හරියක්

Sri Lanka Police Crime Law and Order Latest Headlines Sinhala news
By Shehan Jul 04, 2025 02:54 AM GMT
Shehan

Shehan

Report

කහවත්ත, පලන්සූරියගම, හල්ලිඳ ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් ජිප් රථයකින් පැමිණි බවට ලද තොරතුරු මත, අද (03) කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එම රථයේ අංක තහඩු වෙනස් කර ඇතැයි සැකයක් මතුව තිබේ.

ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාති කාන්තාවකගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇති නමුත්, ඇයට චෝදනා එල්ල නොවුණත්, තොරතුරු ලබා ගැනීම සඳහා ඇයගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, ඇයගේ ආරක්ෂාව සලකා රඳවා ගෙන ඇතැයි කහවත්ත පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා

කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා

   

ඝාතනයට ලක්වූයේ කහවත්ත, පලන්සූරියගම ප්‍රදේශයේ පදිංචි පහළගම විතානලාගේ ඉමන්ත සුරන්ජන (22) නමැති තරුණයාය. ඔහු ඉකුත් 30 වැනිදා රාත්‍රියේ කහවත්ත ඇන්දාන මාර්ගයේ දලුග්ගල හිදී වෙඩි තබා ඝාතනය කර තිබුණි. ඔහුගේ දේහය ඉකුත් 2වැනිදා අලුයම ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ඊයේ(03) සිදු වුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විදේශගතව සිටින පුද්ගලයෙකුට චෝදනා එල්ල වී ඇති අතර, ඔහුගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. ඝාතනය විදේශගත පුද්ගලයෙකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් අනුව සිදුවූවක් බවට සැකයක් මතුව ඇති බවත්, ඒ අනෑව හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවත් පොලීසිය පවසයි.

විදේශගත පුද්ගලයා මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කහවත්ත, පලන්සූරියගම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී කහවත්තට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඝාතනයට පෙර වට්ස්ඇප් හා දුරකථන ඇමතුම්වලින් පලන්සූරියගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කර ඇතැයි ගම්වාසීන් පිරිසක් රත්නපුර විශේෂ පොලිස් ඒකකවලට පවසා ඇත.

කහවත්තේදී පොලීසියත් එක්ක ගම්වාසින් මාර ගනියි, පාලනය කරන්න කඳුළු ගෑසුත් ගහලා

කහවත්තේදී පොලීසියත් එක්ක ගම්වාසින් මාර ගනියි, පාලනය කරන්න කඳුළු ගෑසුත් ගහලා

මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ ඒ සම්බන්ධ තොරතුරු ලබාදීම නිසා සිදුවූවක් නොවන බවත්, ඝාතනයට ලක්වූ තරුණයා හෝ ඔහුගේ පවුලේ අය මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කහවත්ත පොලීසියට තොරතුරු හෝ ඉල්ලීම් කර නැති බවත් පොලීසිය පවසයි. තරුණයාගේ පවුලේ අය මාධ්‍ය හරහා චෝදනා කරන ආකාරයට කහවත්ත පොලීසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා නොකරන බවත්, එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතියකට පෙර අත්අඩංගුවට ගත් බවත්, තවත් ජාවාරම්කරුවන් දෙදෙනෙකුද කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් කහවත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසීය.

ඝාතනයට ලක්වූ තරුණයා සහ චෝදනා එල්ල වී ඇති විදේශගත පුද්ගලයා ඥාතීන් බවත්, මියගිය තරුණයාගේ ලොකු අම්මාගේ දියණිය විවාහ වී සිටින්නේ විදේශගත පුද්ගලයා සමඟ බවත් පොලීසිය පවසයි.එම පුද්ගලයා මීගොඩ අම්ල ලෙස හඳුන්වන අයෙකු බවද පොලීසිය සඳහන් කරයි.

අද ලග්න පලාපල – 2025 ජූලි 04 | අද ඔබේ ලග්නයෙන් හෙළිවෙයි ජීවිතයේ රහස් 3ක්

අද ලග්න පලාපල – 2025 ජූලි 04 | අද ඔබේ ලග්නයෙන් හෙළිවෙයි ජීවිතයේ රහස් 3ක්

විදේශගත පුද්ගලයා, ඔහුගේ බිරිඳ, මියගිය තරුණයා සහ ඔහුගේ පවුල අතර පවුල් ආරවුල් තිබූ බවත්, තරුණයාගේ දෙමාපියන් හා සොහොයුරා පවසා ඇත්තේ මත්කුඩු ජාවාරමට විරුද්ධවීම නිසා විදේශගත පුද්ගලයා ඔවුන් සමඟ අමනාපව සිටි බවත්, දුරකථන තර්ජන එල්ල කළ බවත්ය. එවැනි තර්ජනයක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී නොමැති බව කහවත්ත පොලීසිය පවසයි.


ReeCha