දිනුවොත් බෝනස් - පැරදුණොත් පඩිය නෑ.. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිවිසුම්වල දැඩි වෙනසක්

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ක්‍රමවේදය නවීකරණය කරමින්, තරග ජයග්‍රහණයට බෝනස් දීම සහ පරාජයන්ට ගෙවීම් කපාහැරීම ඇතුළත් නව පද්ධතියක් හඳුන්වා දී තිබේ.

මේ බව අනාවරණය කළේ ඇෂ්ලි ද සිල්වා මහතාය. ඔහු මෙම අදහස් පළ කළේ ගැරී කර්ට්සන් මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු සඳහන් කළේ, නව ක්‍රීඩක ගිවිසුම් අනුව තරග ජයගත් විට ක්‍රීඩකයින්ට අමතර මූල්‍ය වාසි සහ බෝනස් දීමනා හිමි වන බවයි. එමෙන්ම, තරග පරාජයට පත්වූ අවස්ථාවලදී එයද ක්‍රීඩකයින්ගේ ගෙවීම්වලට බලපාන ලෙස ක්‍රමවේදයක් ඇතුළත් කර ඇති බවද ඔහු පැවසීය.

ක්‍රිකට් බෝඩ් එකේ ඩොලර් මිලියන 70ට කෙළින්න හදන "බෝර්න් අගේන්" කල්ලිය මෙන්න

ක්‍රිකට් බෝඩ් එකේ ඩොලර් මිලියන 70ට කෙළින්න හදන "බෝර්න් අගේන්" කල්ලිය මෙන්න

මේ අතර, නව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ගැරී කර්ට්සන් මහතා සඳහන් කළේ, ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කරනු ඇතැයි විශ්වාස කරන බවයි.

එමෙන්ම, ලොව ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව තරග කිරීමට ක්‍රීඩකයින් දිරිගැන්වීමත්, තරගාවලියේ ඉදිරියට යාමත් තම ප්‍රධාන අරමුණ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.