ලංකාව කළඹපු භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණේ විස්තරේ වමාරව ගන්න සැරසෙන හර්ෂ - වහ වහා කාරක සභාව කැඳවන්න සූදානමක්[VIDEO]

Report

විදෙස් ණය වාරිකයක් වශයෙන් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිස හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව හමුවට කැඳවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට අදාළ පිරිස ඉක්මනින් කැඳවන මෙන් තමන් කමිටු සාමාජිකයින් සියලු දෙනාටම දැනුවත් කළ බවද ඔහු සඳහන් කර ඇත.

භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණ වගකීම අනුර භාර ගත යුතුයි - රටම කතා කරන වංචාව ගැන පාඨලීගෙන් බරපතළ චෝදනාවක්

භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණ වගකීම අනුර භාර ගත යුතුයි - රටම කතා කරන වංචාව ගැන පාඨලීගෙන් බරපතළ චෝදනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මුදල් පිළිබඳව සම්පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතු බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අදාළ දැනුම්දීම කමිටු සාමාජිකයින් වෙත දැන්වූ බැවින් ඉදිරියේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට පාර්ලිමේන්තුව හමුවේ අදාළ සිදුවීම සම්බන්ධව කරුණු දැක්වීමට සිදුවනු ඇති බව‍යි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ,

හැකරුන්ගේ වංචනික සිද්ධිය ලබන සතියේ මැතිසබයට

හැකරුන්ගේ වංචනික සිද්ධිය ලබන සතියේ මැතිසබයට

"පාර්ලිමේන්තුවට තමයි මුදල් පිළිබඳව සම්පූර්ණ වගකීම තියෙන්නේ මුදල් කාරක සභාව හරහා. ඒකේ සභාපති හැටියට මම අපේ කමිටුවේ සියලුම සාමාජිකයින්ට කතා කරලා තියෙන්නේ... මොවුන්ව හැකි ඉක්මනට පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ අයට විස්තර කරන්න වෙයි පාර්ලිමේන්තුවට. හුදෙක්ම මේක කාර්යාලයීය වැඩක් නෙමෙයි මේක ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට තිබෙන වගකීමක්, ව්‍යවස්ථාවෙන්ම දීලා තිබෙන වගකීමක්. ඒ නිසා මම කමිටුවේ සාමාජිකයින් එක්ක කතා කරලා මේක කරන්න බලාපොරොත්තු වෙනවා." 

මිලියන 2.5 වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ - සරත් ෆොන්සේකා කියපු ආන්දෝලනාත්මක කතාව

මිලියන 2.5 වංචාවට ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ - සරත් ෆොන්සේකා කියපු ආන්දෝලනාත්මක කතාව