හෙටත් පළාත් රැසක් රත් වෙයි - දිවයිනේ පවතින උණුසුම ගැන නිවේදනයක්
ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් සහිත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අද (25) දින ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේනදය හෙට (26) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එහි දැක්වෙන්නේ උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු '' මට්ටමක පැවතිය හැකි බවයි.
එබැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
