පළමු රග්බි තරගයෙන් නවසීලන්තය ජය ගනී
By Kaushi
නවසීලන්ත (U85KG) කණ්ඩායම සහ ශ්‍රී ලංකා ටස්කර්ස් (Tuskers) කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග පිටියේ (Racecourse Ground) අද (25) පැවැති පළමු රග්බි තරගයෙන් ලකුණු 27 - 16ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත මෙම සංචාරයේ පළමු තරගය මෙය විය.
එසේම තරගයේ දෙවන අදියර එළඹෙන මැයි 03 වැනි දින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව සඳහන්.