විශාල ගින්නක් - ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත

Report

ග්‍රීසියට අයත් ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ දී විශාල වනාන්තර ගින්නක් ඇතිවී ඇති අතර, එම ගින්නෙන් බේරීමට දහස් ගණනක් පිරිසක් කඩිනමින් ඉවත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඉතා තද සුළං හේතුවෙන් ගින්න තවත් ව්‍යාප්තවී ඇති අතර, ගිනිනිවීමේ මෙහෙයුම් ද බරපතල ලෙස බාධා වී තිබේ.

මේ හේතුවෙන් බොහෝ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ හෝටල් දැඩි ලෙස හානිවී ඇත.

"මිනීමරුවොවත් මෙහෙම ගහන්නෑ" - පොලිස් නිලධාරීන් ගහලම මරලා

"මිනීමරුවොවත් මෙහෙම ගහන්නෑ" - පොලිස් නිලධාරීන් ගහලම මරලා

මෙම ගින්න ක්‍රීට් දූපතේ අච්ලියා ප්‍රදේශයේ ඇතිවූ අතර, වනාන්තර හා කඳුකර භූමීන් හරහා වේගයෙන් පැතිරෙමින් පවතින බවද සඳහන් වේ.

දැනටමත් පුද්ගලයින් 5,000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යවා ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය තාවකාලිකව නවාතැන් ගනිමින් සිටි විදේශීය සංචාරකයින් වන බව වාර්තා වෙයි.

බලධාරීන් පවසන්නේ වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටි නිවාස, ව්‍යාපාර, වනාන්තර සහ හෝටල් විශාල ලෙස විනාශ වී ඇති බවයි.